කෘෂි කර්මාන්තයේ රෝග සහ පලිබෝධ මගින් සිදුවන හානි සහ ඒවා වලක්වා ගැනීමේ ක්‍රම

හැඳින්වීම


කෘෂිකර්මාන්තය කෙරෙහි යොමු වූ දා පටන්, සිය වගා කරන ලද බෝග අනෙකුත් ජීවීන් සහ පාරිසරික ගැටලූ වලින් ආරක්‍ෂා කර ගැනීමට නිරන්තර අරගලයක යෙදීමට මිනිසා හට සිදුවුනි. අදටත් සිය බෝග වගාවෙන් උපරිම අස්වැන්නක් සහ ලාභයක් ලබා ගැනීමට ශාක ආරක්‍ෂණය සඳහා වැඩි අවධානයක් යොමු කිරීමටත්, වැඩි මුදලක් යට කිරීමටත් ගොවි ජනතාවට සිදුවී ඇත. වැඩි අස්වැන්නක් දෙන නව බෝග ප්‍රභේදයන් වගා බිම් වලට හඳුන්වා දීම තුලින් ද ශාක ආරක්‍ෂණය සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් දැක්වීම නොවැලැක්විය හැකි කරුණක් බවට පත්ව ඇත. මේ අතරින් රෝග සහ පළිබෝධ හානි මුල් තැනක් ගනී.

රෝග සහ පලිබෝධ යනු මොනවාද?

රෝග සහ රෝග කාරකයන්

ශාක තුළ සාමාන්‍ය ක්‍රියාවලියට සිදුවන, එමෙන්ම විශේෂිත වූ හේතු කාරකයකින් සෑදෙන සහ පිටතින් හඳුනාගත හැකි විශේෂිත වූ ලක්‍ෂණ පෙන්නුම් කරන්නා වූ, ක්ෂුද්‍ර ජීවීන් මගින් ඇති කරන බාධාවක්, රෝගයක් ලෙස දැක්විය හැක. රෝග ඇති කරන්නාවූ රෝග කාරකයන් කාණ්ඩ කිහිපයකට බෙදා වෙන්කළ හැක. ඒ අතරින් දිලීර, බැක්ටීරියා සහ වෛරස ප්‍රධාන තැනක් ගන්නා අතර මෙම සටහනෙහි මෙම වර්ග සහ ඒවා මගින් ශාක වලට වැලඳෙන රෝග ගැන පමණක් කෙටියෙන් විස්තර කෙරේ.


පලිබෝධ අර්ථ දැක්වීම


සමස්ථ කෘෂිකාර්මික ක්‍රියාවලිය තුළ මිනිසාගේ අරමුණු වලට බාධා පමුණුවන ඕනෑම සත්ත්වයෙක් හෝ ශාකයක් පලිබෝධකයෙක් වනු ඇත. මෙම හැඳින්වීම පුදුගලයා අනුව, ස්ථානය අනුව වෙනස් වේ. එනම්, එක් පුද්ගලයෙකුට පලිබෝධකයෙක් වන ජීවියෙක්, තවත් පුද්ගලයෙකුට ආර්ථිකව වාසිදායක බෝගයක් හෝ සත්ත්වයෙක් විය හැක.

කෘමි පලිබෝධකයන්

  • වල් පැලෑටි

    කෘෂිකර්ම ක්‍රියාවලිය තුළ බෝග සමග වල් පැලෑටි ප්‍රධාන කාණ්ඩ 3ක් දක්නට ලැබේ. එනම් තෘණ, පන් සහ පළල් පත්‍ර වල් පැලෑටි යනුවෙනි. බොහොමයක් අවස්ථාවලදී, මෙම වල් පැලෑටි කෘමි පලිබෝධකයන්ගේ ද්විතියික ධාරකයන් ලෙසද ක්‍රියා කරයි.

විවිධ රෝග කාරකයන් හඳුනා ගැනීම සහ වර්ගීකරණය

  • දිලීර

    ශාක වලට රෝගී තත්ත්වයන් ඇති කරන දිලීර වර්ග බොහොමයක් අස්කොමයිසිට්ස් (Ascomycetes) සහ බැසීඩියෝමයිසිට්ස් (Basidiomycetes) යන කාණ්ඩ වලට අයත් වේ. ෆියුසිරියම් (Fusarium) සහ වර්ට්සීලියම් (Vertocellium) වැනි රෝග කාරක දිලීර අස්කොමයිසිට්ස් ගණයට අයත් වන අතර රයිටොක්සෝනියා (Rhizoktonia) සහ පුක්සීනියා (Puccinia) වැනි දිලීර බැසීඩියෝමයිසිට්ස් කාණ්ඩයට අයත් වේ. මීට අමතරව, දිලිර වැනි වූ රෝග කාරකයන්ද දක්නට ලැබෙන අතර මේවා ඌමයිසිට්ස් (Oomycetes) ගණයට අයත් වේ. ශාක වලට දරුණු රෝගී තත්ත්වයන් ඇති කරන මෙම කාණ්ඩයට ෆයිටොප්තෝරා (Phytopthora) සහ ෆයිතියම් (Phythium) වැනි දිලීර අයත් වේ.


  • බැක්ටීරියා

    ශාක ව්‍යාධිජනක බැක්ටීරියාවන් ”බැසිලි” ආකාරයට අයත් වේ. සන්තොමොනාස් (Xanthomonas) සහ සියුඩොමොනාස් (Pseudomonas) යන කාණ්ඩ ශාක සඳහා ප්‍රධාන රෝග කාරක බැක්ටීරියාවන් ලෙස දැක්විය හැක. බැක්ටීරියා කාණ්ඩයට අයත්වන එහෙත් සෛල බිත්තියක් නොමැති ෆයිටොප්ලාස්මා (Phytoplasma) ද ශාක වල ප්‍රධාන රෝග කාරකයක් වේ.


  • වෛරස

    රෝග කාරක වෛරස වාහකයෙක් ආධාරයෙන් ශාකවලට රෝග බෝ කරයි. මෙම වාහකයන් සාමාන්‍යයෙන් කෘමීන් වන අතර සමහරක් දිලීර, නෙමටෝඩාවන් සහ ප්‍රොටොසොවා විශේෂ ද වෛරස් වාහකයන් ලෙස ක්‍රියා කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ක්‍ෂේත්‍ර බෝගයන්හි බහුලව දක්නට ලැබෙන රෝග සහ පලිබෝධ හානි හඳුනා ගනිමු.


ධාන්‍ය බෝග (වී)

  • රෝග

    වී ශාකයට වැලඳෙන රෝග සහ ඒවායේ රෝග කාරකයන් පහත දැක්වේ.
  • Rice blast
Magnaporthe grisea
  • Rice sheath blight
Rhizoctonia solani
  • Brown spot
Cochiobolus miyabeanus
  • False smut
Ustilaginoidia virens
  • Grain spotting and pecky rice
many fungal species and bacteria
  • Leaf scald
Gerlachia oryzae
  • Narrow Brown Leaf spot
Cercospora janseana
  • Sheath rot
Sarocladium orysae
  • Root knot
Meloidagane spp.
  • Bacterial blight
Xanthomonan campestris pv. Orysae
  • Bacterial leaf streak
Xanthomonas campestris pv. Oryzicola

  • පළිබෝධ

    ශ්‍රී ලංකාවේ බහුලව දක්නට ලැබෙන පළිබෝධ හානි පහත දැක්වේ.
  • Rice thrips (RTH)
Stenchaetothrips biformis (Bagnall) (Thysanoptera : Thripidae)
  • Brown Plant Hopper (BPH)
Nilapavata lugens (Stal) (Homoptera : Delphacidae)
  • Yellow Stem Borer (YSB)
Scirpophaga incertulas (Lepidoptera : Pyralidae)
  • Rice Leaf folders (RLF)
Cnaphalocris medinalis; Marasmia spp. (Lepidoptera : Pyralidae)
  • Rice Gall Midge (RGM)
Orselia oryzae (Diptera : Cecidomylidae)
  • Paddy bug (PB)
Leptocorisa oratorius (Hemiptera : Alydidae)
  • වල් පැලෑටි

    ශ්‍රී ලංකාවේ වී වගාවේ බහුලව දක්නට ලැබෙන වල් පැලෑටි පහත සඳහන් වේ.

තෘන

පන්

පළල් පත්‍ර

මීවන

Echinochloa colona

Cyperus iria

Commelina diffusa

Marsilea quadrifolia

Echinochloa crusgalli

Cyperus alba

Eclipta alba

Salvinia molesta

Panicum repens

Cyperus rotundus

Linderina spp.


Ischaemum rugosum

Fimbristylis miliacea

Monochoria vaginalis


Isachne globosa

Scirpus supinus

Murdannia nudiflora


Paspalum distichum

Fimbristylis dichotoma

Sphenoclea zeylanica




Ludwigia perennis



Haeranthus africanus



ධාන්‍ය බෝග (බඩ ඉරිඟු)

  • රෝග

    මුල් සහ කඳ කුණුවීම සහ පත්‍ර හා කොපු අංගමාරය යන රෝග පරිසරයේ ආර්ද්‍රතාවය වැඩි අවස්ථාවන්හිදී බඩ ඉරිඟු බෝගයට සෑදෙන ප්‍රධාන රෝග වේ.

  • පළිබෝධ

    ශ්‍රී ලංකාවේ බඩ ඉරිඟු වගාවට ආර්ථිකව හානි කරන පළිබෝ්ධයන් නොමැති තරම්ය. ඇතිවිය හැකි ප්‍රධානතම පළිබෝධ හානිය වනුයේ කඳ පණුවාගේ හානියයි.


  • වල් පැලෑටි

    ශ්‍රී ලංකාවේ වී වගාවේ බහුලව දක්නට ලැබෙන වල් පැලෑටි පහත සඳහන් වේ.
තෘණ පන් පළල් පත්‍ර

Echinochloa colonum

Cyperus rotundus

Euphorbia heterophylla

Panicum repens


Ipomoea spp.

Eleusine indica



Dactyloctenium aeguptium







මාශ බෝග (සෝයා බෝංචි)

  • රෝග

    ශ්‍රී ලංකාවේ සෝයා බෝංචි වගාවේ බහුලව දක්නට ලැබෙන රෝග සහ ඒවායේ රෝග කාරකයන් පහත දැක්වේ.

 

  • Purple Stain (Cercospora kikuchi)
  • Bacterial Pustule (Xanthomonas phaseoli var. sojensis)
  • Yellow Mosaic Virus
  • Bud Blight (a virus)
  • Charcoal Rot (Macrophomina phaseolina)

  • පළිබෝධ

    ශ්‍රී ලංකාවේ සෝයා බෝංචි වගාවේ බහුලව දක්නට ලැබෙන පළිබෝධ පහත දැක්වේ.


    Bean fly (Ophiomyia phaseoli)
  1. Legume pod borer (Maruca testulalis)

  • වල් පැලෑටි

    ඉහත බඩ ඉරිඟු බෝගය යටතේ වල් පැලෑටි වල නම් සඳහන් වගුව බලන්න.

මාශ බෝග (කව්පි)

  • රෝග

ශ්‍රී ලංකාවේ කව්පි වගාවේ බහුලව දක්නට ලැබෙන රෝග සහ ඒවායේ රෝග කාරකයන් පහත දැක්වේ.

 

Collar rot (Pythium aphanidermatum, Rhizoctonia sp., Selerotium rolfsii, Fusrium sp.)

Fungal wilt (Funaruin oxysporium)

Anthracnose (Collectrotrichum lindemuthuanum)

Web Blight (Rhizoctonia solani)

  • පළිබෝධ

    ශ්‍රී ලංකාවේ කව්පි වගාවේ බහුලව දක්නට ලැබෙන පළිබෝධ පහත දැක්වේ.

Leaf hoppers

  1. Pod borer (Maruca pestulalis)

  • වල් පැලෑටි

    ඉහත බඩඉරිඟු බෝගය යටතේ වල් පැලෑටි වල නම් සඳහන් වගුව බලන්න.

අල බෝග (අර්තාපල්)

  • රෝග

    ශ්‍රී ලංකාවේ අර්තාපල් වගාවේ බහුලව දක්නට ලැබෙන රෝග පහත දැක්වේ.

පශ්චිම අංගමාරය

  1. ශාකාණු මැලවීම

  2. විචිත්‍ර කොළ රෝගය
  • පළිබෝධ

    ශ්‍රී ලංකාවේ අර්තාපල් වගාවේ බහුලව දක්නට ලැබෙන පළිබෝධ පහත දැක්වේ.


කියත් පණුවා

1. අල විදින ගුල්ලා

වල් පැලෑටි

ඉහත බඩඉරිඟු බෝගය යටතේ වල් පැලෑටි වල නම් සඳහන් වගුව බලන්න.

රෝග හා පළිබෝධ පාලනය කිරීමේ ප්‍රධාන ක්‍රම

හඳුන්වා දීම වැලැක්වීම

ඕනෑම කෘෂිකාර්මික බිමක රෝග සහ පළිබෝධ මර්ධනය කළ හැකි සාර්ථකම ක්‍රමය වනුයේ එම බිමට රෝග කාරකයන් සහ පළිබෝධකයන් ඇතුලූවීම වැලැක්වීමය. පිරිසිදු සහ සහතික කරන ලද රෝපණ ද්‍රව්‍ය භාවිතය, කෘෂිකාර්මික බිමෙහි සහ ඒ අවට පරිසරයෙහි සනීපාරක්‍ෂාව තහවුරු කිරීම, පිරිසිදු උපකරණ භාවිතය, හොඳින් සැකසූ සහ පරිණත වූ කොම්පෝස්ට් පොහොර භාවිතය යන ක්‍රමෝපායයන් මගින් රෝග සහ පළිබෝධකයින් කෘෂිකාර්මික බිමට ඇතුලූවීම වලකා, එමගින් සිදුවන ආර්ථික හානිය නැති කර ගත හැක.

තුරන් කිරීම

කෘෂිකාර්මික බිමට රෝග සහ පළිබෝධ හානි පැතිරුණු මුල් අවස්ථාවන්හිදී, ඒවා මුලිනුපුටා දැමීම පහසුවේ. එම රෝග සහ පළිබෝධ හානි දක්නට ලැබෙන ශාක ප්‍රමාණය සංඛ්‍යාත්මකව අඩු නම්, සරල ක්‍රමයන් මගින් ඒවා විනාශ කිරීම හෝ කරදරකාරී වල් පැළ වල ගහනය අඩු නම්, ඒවා මුලිනුපුටා විනාශ කිරීම මෙහිදී ගත හැකි පියවරයන් වේ. එනමුදු, විශේෂයෙන්ම වල් පැළ සම්පූර්ණයෙන් ගලවා විනාශ කිරීමේදී භූමිය නිරාවරණය වීමෙන් පාංශු ඛාදනය සිදුවිය හැකි බැවින් ඒ සඳහා පිලියම් යෙදීමට කල්පනාකාරී විය යුතුය.

පාලනය කිරීම

රෝග පළිබෝධ පැතිරීමේ ප්‍රමාණය අහිතකර බලපෑම් ඇති කරන්නේ නම්, ඒවා පාලනය කිරීමට නිසි පියවර ගත යුතු වේ. මේ සඳහා එක් මර්ධන ක්‍රමයක් හෝ ක්‍රම කිහිපයක මිශ්‍රණයක් භාවිතා කළ හැක. රෝග පළිබෝධ පාලනය කිරීමේදී යොදා ගත හැකි ප්‍රධාන ක්‍රමයන් සැකෙවින් පහත දැක්වේ.

1. සරල යන්ත්‍ර භාවිතය හෝ මිනිස් ශ්‍රමය වැඩිපුර භාවිතා කිරීම

සරල යන්ත්‍ර හෝ මිනිස් ශ්‍රමය වැඩිපුර යෙදවීම කාලය මෙන්ම මුදල් වැඩිපුර වැයවන ක්‍රියාවක් වන අතර, සුලූ පරිමාණ වගාවකදී සාර්ථකව යොදා ගත හැක. මෙහිදී බොහෝ විට සිදු වනුයේ රේක්ක, උදැල්ල, කරඬි වැනි සරල උපකරණ භාවිතය හෝ අතින් උගුල්ලා දැමීම හෝ ඉවත් කිරීම මගින් රෝග සහ පළිබෝධ හානි ක්‍ෂේත්‍රය තුළ අවම කර ගැනීමය. මිනිස් ශ්‍රමය සෘජුව යෙදෙන බැවින් රෝග සහ පළිබෝධ හානි තෝරා ඉවත් කිරීමේ වාසිදායක තත්ත්වය මෙම ක්‍රමයේදී යොදා ගත හැක.

2. යාන්ත්‍රික ක්‍රම භාවිතය

තරමක සංකීර්ණ යන්ත්‍ර භාවිතයෙන් රෝගී ශාක ඉවත් කිරීමත්, පලිබෝධ හානි අවම කිරීමත් මේ ගනයට අයත් වේ. උදාහරණයක් ලෙස, වීඩරයක් භාවිතයෙන් වල් පැලෑටි ඉවත් කිරීම සඳහන් කළ හැක.

3. ශෂ්‍ය විද්‍යාත්මක ක්‍රම භාවිතය

බිම් සැකසීමෙන් පටන් ගෙන, බෝගය ක්‍ෂේත්‍රයේ ස්ථාපනය කරන ක්‍රමවේදය දක්වා කෙරෙන්නා වූ සියළුම ශෂ්‍ය විද්‍යාත්මක ක්‍රියාවලින් සාර්ථකව කිරීම මගින් රෝග සහ පළිබෝධ මර්ධනය මෙයට අයත් වේ. උදාහරණයක් ලෙස, වසුන් යෙදීම මගින් සහ මිශ්‍ර බෝග වගාවන් මගින් වල් පැල පාලනය දැක්විය හැක.

4. රසායනික ක්‍රම භාවිතය

වෙළඳ පොලෙහි මිල දී ගත හැකි රසායනික පළිබෝධ නාශක, එනම් දිලීර නාශක, කෘමි නාශක සහ වල් නාශක භාවිතයෙන් රෝග සහ පළිබෝධ මර්ධනය මේ යටතට ගැනේ.

5. ජෛව පාලකයන් භාවිතය

එක් එක් රෝග සහ පළිබෝධකයන් සඳහා විශේෂිත වූ පරපෝෂිතයින් උපයෝගී කර ගනිමින් ඒවා මර්ධනය කිරීම මෙයට අයත් වේ. උදාහරණ ලෙස පැපොල් පිටි මකුණා (Paracoccus marginatus) මර්ධනය කිරීමට Acerophagus papayaz යොදා ගැනීමත්, සැල්වීනියා (Salvinia molesta) ශාක මර්ධනයට Cyrtobagus salviniae යොදා ගැනීමත් සහ ජපන් ජබර මර්ධනයට Neochetin eichhorniae සහ Neochetií bruchi යොදා ගැනීමත් දැක්විය හැක.

6. ඒකාබද්ධ රෝග සහ පළිබෝධ මර්ධන ක්‍රම භාවිතය

රෝග සහ පළිබෝධ මර්ධන ක්‍රම දෙකක් හෝ ඊට වැඩි ගණනක් යොදා ගැනීම මගින් ඒවා මර්ධනය කිරීම මෙයින් දැක්වේ. ඒකාබද්ධ මර්ධන ක්‍රමයක් භාවිතා කෙරෙනුයේ එක් ක්‍රමයක් මගින් සාර්ථක මර්ධනයක් නොවන අවස්ථාවන් හිදීය.

for any questions regarding this lesson create and register to the navagoviya.org blog

you can get answers

ප්‍රකාශන නිර්මාණය:- මහාචාර්ය බුද්ධි මාරඹේ