පාංශු සරු බවෙහි නිසි කළමනාකාරිත්වය


සරු පසක් යනු කුමක්ද?

යම් පසකට කිසියම් බෝගයකට අවශ්‍ය පෝෂක නියමිත ප්‍රමාණවලින් සහ සුදුසු අනුපාතවලින් අවශ්‍ය වන වෙලාවට ලබා දිය හැකි නම් එය සරු පසක් වේ. එමෙන්ම එම පසට යම් බෝගයක වර්ධනයට සුදුසු ප්‍රමාණවලින් ජලය සහ වාතය සැපයීමේ හැකියාවක් තිබිය යුතු අතර බෝග වර්ධනය අඩාල කරන රෝග කාරක ජීවීන්ගේ සහ විෂමය ද්‍රව්‍යවල සුලභතාවය පාලනයක්ද තිබිය යුතුය.

 

පසක සරු බව නැති වන්නේ කෙසේද?

පසක සාරවතභාවය නැති වීමේ ක‍්‍රියාවලිය පාංශු හායනය ලෙස හැඳින්වේ. පසේ භෞතික, රසායනික හෝ ජෛව ගුණාංග ප්‍රශස්ථ මට්ටමකින් පවත්වා ගැනීමට බාධා කරන ඕනෑම සාධකයක් පාංශු හායනයට දායක වේ. බිම් සකස් කිරීම ඇතුළුව විවිධ කටයුතු සඳහා භාවතා කරන යන්ත්‍රෝපකරණ නිසා පස් තදවීමෙන් පසේ දැඩි ස්ථරයක් (Hard Pan) ඇතිවිය හැක. එම ස්ථරය තුළින් ජලය පහළට ගලා යාම සෙමින් සිදුවන බැවින් ශාකමුල් ගමන්කරන ස්ථරවල ජලය එක්රැුස් විය හැක. මෙවැන්නක් වී වගාවට අවශ්‍ය නමුත් ගොඩ බෝගවලට නුසුදුසුය. එවැනි තත්ත්ව යටතේ ශාකවල මුල් වර්ධනය අඩාල වන අතර රෝග සෑදීමට හේතුවේ.

පසකට දීර්ගකාලීනව විවිධ පොහොර යෙදූ විට පසේ ච්‍ය අගයේ (ආම්ලික හෝ භාෂ්මික බවේ) වෙනසක් සිදුවිය හැක. පසක් ආම්ලික වන විට බොහොමයක් පෝෂකවල සුලභතාවය අඩු වන බැවින් එවැන්නක් බෝග වර්ධනය සඳහා යොදා ගැනීමට හුණු හෝ ඩොලමයිට් යොදා ච්‍ය අගය වැඩි කරගත යුතුය. මෙලෙස ලවණතාවය වැඩි වූ පසක් හරහා ගලාගෙන යන ජලයේ ලවණ ප්‍රමාණය වැඩිවේ. එවැනි ජලය වාරි ජලය ලෙස යොදා ගතහොත් එම බිමද ලවණතාවයට ගොදුරු වේ. මීට අමතරව වගා භූමිය සහිත පස යට ඇති පාෂාණවල ලවණමය ස්වභාවය වැඩි නම් වියලි කාල වලදී පස මතුපිට ලවණ තට්ටු සෑදේ. වියළි කලාපයේ සමහර කුඹුරුවල මෙම තත්ත්වය දැකිය හැක.

පාංශු හායනයට පාදක වන ප්‍රධාන සාධකයක් වන්නේ පසේ ඇති කාබනික ද්‍රව්‍ය ප්‍රමාණය අඩු වීමයි. එය පසේ සියළුම ගුණාංග අයහපත් වීමට බලපායි. කාබනික ද්‍රව්‍ය අඩුවිට පසේ කැටිති සෑදීම ප්‍රමාද වේ. එවිට පසේ වාතනය නුසුදුසු වීමත් ජලය බැස යාම හා රැඳීමත් වෙනස් වේ. කාබනික ද්‍රව්‍ය ප්‍රමාණවත් ලෙස ඇති පසක කාබනික කලිලවලට පෝෂක අයණ අධිශෝෂණය වම මගින් පෝෂක රඳවා ගැනීමේ ධාරිතාව වැඩි වේ.

එමෙන්ම කාබනික ද්‍රව්‍ය තිබීම පසක ජීවීන්ගේ පැවැත්මට අත්‍යාවශ්‍ය වේ. එය ප්‍රමාණවත් නැතිනම් ජීවීන්ගේ ගහණ ඝනත්වය අඩු විය හැකි අතර හිතකර ජීවීන් එම පසෙන් ඉවත් වීමද සිදුවේ. එය යම් පසක පෝෂක ප්‍රතිචක‍්‍රීකරණයටත් මුල් වරට පෝෂක සැපයීමටත් අහිතකර ලෙස බලපාන අතර අවසානයේ බෝග වර්ධනය අඩාල වීමට හේතු වේ.

ඉහත විවිධ කරුණු නිසා බෝග වර්ධනය අඩාල වූ පසක මතුපිට ආවරණය අඩුවේ. යහපත් බෝග වර්ධනයක් මගින් සිදු කරනු ලබන එවැනි පසකට වැසි ජලය කෙලින්ම පතිත වී පාංශු කැඩති පහසුවෙන් කඩා දමයි. මෙම හේතුන් නිසා කාබනික ද්‍රව්‍ය අඩු පසක පාංශු කැටිති කැඞී වැඩි ජලය සමග පහසුවෙන් සෝදා පාලවට ලක් වේ.

පාංශු ඛාදනය පසක් හායනයට දායක වන ප්‍රධාන කාරකයක් වන අතර ශ්‍රී ලංකාවේ පලමුවන පරිසර ගැටළුවක් ලෙස සැලකේ. එමගින් ජලාශ ගොඩවීම, ගංවතුර ආදී අනෙකුත් පාරිසරික ප්‍රශ්න ඇති වේ. මේ සියල්ලටත් වඩා යම් භූමියක මතුපිට පස් සේදී යාම එම භූමියේ කෘෂිකර්මයට සහ ඕනෑම ශාකයක වර්ධනය විශාල ගැටලූවක් වේ. හේතුව පහල ස්ථරවල පස සාරවත් නොවීමත් මතුපිට පසේ ස්ථරයක් සෑදීමට වසර සිය ගණනක් ගත විය හැකි වීමත්ය. එනිසා පසක සරු බව නිරතුරුව පවත්වා ගැනීම වැදගත්ය.

පසක සරු බව පවත්වා ගත හැක්කේ කෙසේද?

  • පසක් ශාක වර්ධනයට සුදුසු තත්ත්වයක පවත්වා ගැනීම මගින්

* සුදුසු සහ නිර්දේශිත පොහොර යෙදීම

* කාබනික ද්‍රව්‍ය යෙදීම

* වාරි කටයුතු සඳහා පිරිසිදු ජලය භාවිතය

* වසුන් / ආවරණ බෝග යෙදීම

*නිර්දේශිත ප්‍රමාණවලින් පලිබෝධ නාශක භාවිතය සහ රසායනික පලිබෝධනාශක වෙනුවට විකල්ප ක්‍රම භාවිතය

 

  • පසක් සේදී යාම වැළැක්වීම මගින්

* බෑවුම් පස්වල වගා කිරීමෙන් වැලකීම

* සමෝච්ඡ ක්‍රමවලට වගා කිරීම

* ගල් වැටි, කානු යෙදීම

* ජල බාධකයක් ලෙස ශාක වැටි ලෙස වගා කිරීමෙන්

 

ප්‍රකාශන නිර්මාණය:- මහාචාර්ය බුද්ධි මාරඹේ